පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය

பாராளுமன்றத்தின் சபை முதல்வரின் அலுவலகத்தின்

OFFICE OF THE LEADER OF THE HOUSE OF PARLIAMENT

පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සම්බන්ධ කටයුතු

ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නයක් පෞද්ගලිකව හෝ ෆැක්ස් මඟින් හෝ විද්‍යුත් තැපෑල මඟින් හෝ අදාළ ප්‍රධාන සංවිධායකවරයා වෙත යොමු කරනු ලැබිය හැකි අතර අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ඊට ස්වකීය අත්සන යොදනු ලැබ තිබිය යුත්තේය.

එවැනි ඕනෑම ප්‍රශ්නයක් අදාළ ප්‍රධාන සංවිධායකවරයා විසින් නියමිත දිනයට පෙර දින පු.භා. 10.00 වන විට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත යවනු ලැබිය යුතු අතරම, අදාළ අමාත්‍යවරයා වෙතද විධිමත් ලෙස දැනුම් දීමට හැකිවනු පිණිස එකී ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් මධ්‍යහ්න 12.00 ට පෙර පාර්ලිමේන්තුවේ සභානායක ලේකම්වරයා වෙත යොමු කරනු ලැබිය යුත්තේය.